October 23, 2024
This blog examines media frames constructed by local television networks during the second wave of COVID-19 in Sri Lanka. It identifies three key narratives that have fueled negative perceptions of Sri Lankan Muslims during the pandemic.
අනන්‍යතාව යනු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්, තමන්ව, අන් අයකුට සම්බන්ධ කරමින් තේරුම් ගන්නා ආකාරයයි (Thowfeek, 2019). සමාජ ව්‍යුහය තුළ පුද්ගලයකුට හෝ යම් කණ්ඩායමකට සමාජයේ පවතින තත්වය මෙන්ම අනෙකා අතර අයත්බව සහ ඒකාබද්ධතාවයේ ස්වරූපය නිර්වචනයට ද අනන්‍යතාව පදනම සපයයි. අනෙක් අතට, අනන්‍යතාව දේශපාලන ආයුධයක් බවට පත්වීම තුළ රටක සංහිඳියාව සහ සාමයේ යහපැවැත්ම පිළිබඳව ගැටලු මතුකරයි. ශ්‍රී ලංකාවේද වාර්ගීක අනන්‍යතාවන්, සුළුතරය සහ බහුතරය ලෙස විභේදනය තුළින් රටක් ලෙස සංහිඳියාවේ සමාජයක් ගොඩනැගීමේ ප්‍රයත්නය අභියෝගයට ලක්ව ඇත. එහිදී මුස්ලිම් ප්‍රජාව සහ අනෙක් කණ්ඩායම් අතර පවතින ඝට්ඨනය සුවිශේෂී අභියෝගයක් ලෙස හැඳින්විය හැකි අතර එය මෙරට පශ්චාත් යුධ සමයේ, නව සිංහල බෞද්ධ අන්තවාදී කණ්ඩායම්හී මැදිහත්කරණයෙන් ඉස්මතු වන න්‍යාය පත්‍රයක් වන අතර, ගෝලීය සන්ධර්භය තුළ එය “මුස්ලිම් භීතිකාව” (Islamophobia) ලෙස නිර්වචනය කරයි. එනම් මුස්ලිම් සංස්කෘතිය සහ ඉස්ලාම් ධර්මය පිළිබඳ සමාජ බිය යතාර්ථයක් කිරීමේ ක්‍රියාවලියක් වන අතර, මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යය එය සජීවීකරණයේ යාන්ත්‍රණයන් ලෙස පෙන්වා දිය හැකිය.
මෙම ප්‍රස්තුථයට ආසන්නතම සිදුවීමක් ලෙස මෙරට කොවිඩ් වසංගත සමය නිදසුන් සපයයි. Silva (2021) අනුව කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකාව පමණක් නොව තවත් ආසියාතික රටවල ද මුස්ලිම් ප්‍රජාව විවිධ හේතු ප්‍රකාරව මාධ්‍යයේ ආවේක්ෂණයේ වින්දිතබාවයට ලක්ව ඇත. ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධ පසුබිම විමර්ෂණය කරන විට පෙනී යන්නේ මෙරට රූපවාහිණී මාධ්‍ය මේ සම්බන්ධව මූලිකව ක්‍රියාකාරී වී ඇති බවත්, එම මාධ්‍යයයන් උපුටාගනිමින්, සමාජ මාධ්‍ය තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෛරී කථනයන් ක්‍රියාත්මක වී ඇති බවත්ය. එහිදී කොවිඩ් පළමු රැල්ළ තුළ මුස්ලිම් ප්‍රජාව රෝගය වැඩියෙන්ම වැළදෙන්නන් සහ පතුරන්නන් (Super Spreaders) ලෙසද, දෙවන රැල්ළ තුළදී මුස්ලිම් දේහ භූමදානය මූලික කරගෙනද මුස්ලිම් අනන්‍යතාව අභියෝගයට ලක් කොට ඇත (Silva, 2021). ඒ අතරින් මෙම ලිපිය කොවිඩ් දෙවන රැල්ළ සහ මුස්ලිම් අනන්‍යතාවට අදාළ මාධ්‍යමය නිරූපණයන් පිළිබඳව අවධානය යොමු කර ඇත. එහිදී එම කාලය තුළ ඉහළ ප්‍රේක්ෂකත්වයක් සහිත වූ මාධ්‍ය ආයතන ද්විත්වයක වාර්තාකරණයන් පදනම් කරගනිමින් මෙම අධ්‍යනය සිදු කරන ලදී.
WHO (2020) සිය වාර්තාවේ කොවිඩ් ආසාධිතව සිදුවන මරණ භූමදානය හෝ ආදාහනය කිරීමට අවසර දී ඇති තත්වයක් තුළදී මෙරට මුස්ලිම් ප්‍රජාවට සිය ආගමානුකූලව එම කටයුතු කිරීමට අවස්ථාව ලබා නොදීම තුළ ඔවුන් කොවිඩ් සමය තුළ ද්වි වින්දිතබාවයකට (Doubly Victimization) පත් විය. ගෝලීය විශේෂඥ නියමයන් යටතේ නෛතික වූ කෘත්‍යයක්, දේශීය සන්ධර්භය තුළ සමාජ ප්‍රශ්නයක් බවට පත් වීම මාධ්‍ය අතලොස්සක් පමණක් ප්‍රශ්න කල නමුත් බහුතර ප්‍රධාන දාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මුස්ලිම් ප්‍රජාවව ව්‍යවසන තත්වයකදීවත් “පොදු නීතියකට යටත් නොවන අන්තවාදීන්“ ලෙසට නිරූපණය කිරීමට කටයුතු කරන ලදී.
2020/03/29 විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකුගේ ප්‍රකාශයක් හරහා මෙරට කොවිඩ් මරණ භූමදානයට අවසර ලැබී පැවතුණද, පසුව එය මතභේදයට පත් වන අතර, මෙම තීරණය දේශපාලනමය එකක් නොව විශේෂඥයින් විසින් තීරණය කල යුත්තක් බවට යන පණිවිඩය මාධ්‍ය හරහා සමාජගත කරනු ලබයි. ඒ සමඟ මාධ්‍ය විසින් විශේෂඥ මත යොදාගනිමින්, මුස්ලිම් ප්‍රජාව, සමාජ අපගාමීන් ලෙස නිරූපණයේ කතිකාවක් ගොඩනංවයි. ෆූකෝට අනුව කතිකාව යනු සමාජීය ගොඩනැංවීමක් වන අතර එය නිර්මාණය කිරීම සහ චිරස්ථායී කරනු ලබන්නේ බලය ඇති පුද්ගලයන් සහ සන්නිවේදන මාධ්‍ය හරහා වේ. Bhattarai, 2020). ඒ අනුව කොවිඩ් සමය තුළ විද්‍යාත්මක දැනුම සහිත ශාස්ත්‍රඥයින්ට මෙරට තුල විශේෂිත බලයක් ආරෝපණය වී තිබුණ අතර මාධ්‍ය හරහා ඔවුන්ගේ මතයන් සම්ප්‍රේෂණය කිරීම තුළ එම කතිකාව යතාර්ථයක් බවට පත් විය. අනෙක් අතට, මුල්ම අවස්ථාවේ ආදාහනයට අවසරය ලබා දී තිබුණද පසුව ඊට අවසරය ලබා නොදීම යන තත්වය මාධ්‍ය හරහා විවේචනාත්මකව මතු නොකිරීම තුළ, විශේෂඥ මත තිබුණද, මාධ්‍යයේ දායකත්වය නොමැතිව තත්කාලීන ශ්‍රී ලාංකික සමාජය තුළ සමාජ කතිකාවක් ගොඩනැගීමට ඇති අපහසුතාවයද ගම්‍යමාන වේ. එහිදී මාධ්‍යය විසින් ආඛ්‍යානයන් කිහිපයක් යටතේ මෙම කථිකාව සමාජ යතාර්ථයක් බවට පත් කිරීමට යොදාගත් අතර ඒවා පහත නිදසුන් සහිතව ඉදිරිපත් කර ඇත.
1. සත්යතාව තහවුරු නොකළ තොරතුරු වාර්තාකරණය
මාධ්‍ය විසින් සත්‍යතාව තහවුරු නොකරනලද සහ පදනමක් විරහිත අනුමානයන් ඉදිරිපත් කිරීම හරහා මුස්ලිම් ප්‍රජාවට භූමදානඅයිතිය ලබා දීමෙන් ඇති වන අවදානම් බව පිළිබඳව සමාජය තුළ ආකල්පයක් ඇති කරන ලදී.
· ඩෙන්මාර්කයේ මුගටියන් පිලිබඳ සිදු වීම;
Ada Derana(2020) “කොවිඩ් ආසාධිතයන්ගේ සිරුරු භූමදානයතුළින් භූගත ජලයට වෛරසය මුසු විය හැකි බව ජල විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඔවුන්සඳහන් කරන්නේ ඩෙන්මර්කයේ කොවිඩ් ආසාධිත මුගටියන්ගේ භූමදානය කල මළ සිරුරු යලිගොඩගෙන ආදාහනය කර ඇත්තේ ද මේ හේතුව නිසා බවයි”.
එදිනම මෙම වාර්තාව විශේෂඥයින් කිහිපදෙනෙකුහරහා තහවුරු කිරීමක් මාධ්‍ය විසින් ඉදිරිපත් කරන නමුත් සතියකට වැඩි කාලයකට පසුව එමප්‍රකාශනය අසත්‍යය බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වාර්තාවක් නිකුත් කර ඇත.
· භූමදානය හරහා ත්‍රස්ත ක්‍රියා සිදු කල හැකි බවට ප්‍රකාශන:
Hiru News(2020) විසින් බෞද්ධ භික්ෂුවකගේ ප්‍රකාශයක්උපුටමින් “මුස්ලිම් අන්තවාදීන්, සහරාන් පන්නේ මිනිස්සු ටික මේ මළසිරුරු භූමදානය කරපුව ගොඩ අරන් ජල මූලාශ්‍ර වලට දාලා හරි වෙනත් විදිහේ ත්‍රස්ත ක්‍රියාවකටභාවිතා කලොත් ඒකට කවුද වගකියන්නේ කියලා අපි අහන් කැමැති”.
2. මුස්ලිම් ප්රජාවගේ විශ්වාසයන් බහිෂ්කරණය කරන වාර්තාකරණය
මුස්ලිම් ජාතිකයින්ගේ මරණින් පසුව සියදේහයයන් භූමදානය කල යුතු බවට ඇති විශ්වාසය විවේචනයන් මාධ්‍ය වාර්තා කල අතර,ඔවුන්ට විශේෂීකරණය වූ නීතියක අවශ්‍යතාවයඅන්තවාදී ලෙස රාමුකරණය කරයි.
Hiru News(2020) ප්‍රකාශයක් උපුටා දක්වමින්;
“ලෙඩේහැදෙනකොට - නොබලපු දෙයියෝ
ඇඳේමැරෙණ හැටි - නොදැකපු දෙයියෝ
කුණේදැවෙනවට - අකැමැති දෙයියෝ
පුච්චනකොටමොකටද දෙයියෝ”.
Ada Derana(2020) ප්‍රකාශයක් උපුටා දක්වමින්;
“පහුගියකාලේ සහරාන්ලා බෝම්බ පුපුරුවගෙන මැරුණා, පිච්චුනා, අළුවුනා. ඒ වෙලේ පුච්චන එක වැරදීකිව්වේ නෑනේ. මේවා විහිළු”.
3. මුස්ලිම් සහ මුස්ලිම් නොවන විභේදනය
මාධ්‍යය විසින් කොවිඩ් මර්ධනයට ප්‍රජාසහභාගීත්වය වෙනුවට වාර්ගික සහභාගීත්වය ඉස්මතු කරමින්, මුස්ලිම් නොවන කණ්ඩායම් පමණක් සාමූහික සහය දෙන බව ඉස්මතු කරවන ප්‍රකාශයන්වාර්තා කිරීම.
“සිංහල බෞද්ධයෝ, කතෝලිකයෝ මේ ගැන කතා කරන්නෙවත් නෑ. ඒත්අවාසනාවකට මුස්ලිම් ප්‍රජාව නැති ප්‍රශ්නයක් මතු කරගෙන මේ වසංගතයෙන් මිය යන අයගේමිණී හෝඳන්නයි, වළලන්නයි ඕන කියලා අයිතිවාසිකම්ඉල්ලනවා” (Hiru News,2021).
“හින්දුවරුකියන්නේ මේ ජන වර්ග අතරින් කෙනෙක් මිය ගියාම වැඩියෙන්ම වත් පිළිවෙත් කරන පිරිස.ඒත් අපිට රජය පොදු නීතියක් දීලා තියනවා. අපි, හින්දුවරුන්ට ඒක පිළිපදින්න පුළුවන් නම්, බෞද්ධයන්ට පුළුවන් නම්, වෙනපිරිසක් විතරක් භූමදානයට අයිතිය ඉල්ලනවා නම් ඒ ආගම අන්තවාදයක්” (Ada Derana, 2021).
ඉහත ආඛ්‍යානයන් විසංයෝජනයේදී ගම්‍යමානවන්නේ එම ආඛ්‍යානයන් හරහා මුස්ලිම් අනන්‍යතාව සහ බහුතර කණ්ඩායම් සම්බන්ධ ඉතිහාසයද්වී ආකාරයකින් ප්‍රතිනිශ්පාදනය කරන බවයි.
· ෆස්ලාන් සහ වන්නියසිංහම්(2015) විසින් දක්වන මෙරට මුස්ලිම් විරෝධී ව්‍යාපාර වලලක්ෂණ අතර එකක් වන මුස්ලිම් සංස්කෘතිකාංග මර්ධනය කිරීම මෙම ආඛ්‍යානයන් හරහා දසිදුවීම, එනම් ඉස්ලාම් භක්තිකයන්ගේ අවමංගල්‍යචාරිත්‍ර පදනම් කරගෙන කොවිඩ් සමයේ ඔවුන්ව වින්දිතබාවයට පත් කිරීම
· පාස්කු ප්‍රහාරය සම්බන්ධ මතකය නැවතත්ප්‍රතිනිර්මාණය කිරීම සහ පශ්චාත් පාස්කු ප්‍රහාර අවධියේදී සමස්ථ මුස්ලිම් ප්‍රජාවමඅන්තවාදීන්ය යන නිරූපණයම භූමදානයට ඇති අයිතිය සමඟ සම්බන්ධ කරමින් නැවත සාමාන්‍යකරණයකිරීම
කොවිඩ් වැළඳී මියගිය පුද්ගල සිරුරුභූමදානයට අදාළ මෙම ආඛ්‍යානය හුදෙක් “එක රටක් - එක නීතියක්” යන පඨිතය වටා කේන්ද්‍රගතවී ඇති බවට ඉහත නිදසුන් හරහා නිගමනය කළ හැකිය. ඒ හරහා පාලන තන්ත්‍රය විසින්මුස්ලිම් පක්ෂපාතී තීරණයක් ගැනීම මුස්ලිම් නොවන, විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතරය ප්‍රතික්ෂේප කිරීමක් බවත්, මුස්ලිම් පක්ෂපාතී තීරණ ගැනීමද අන්තවාදී ක්‍රියාවක්බවත්, එවැනි පාලන තන්ත්‍රණයන් ප්‍රතික්ෂේපකරන බවත් මාධ්‍යය හරහා හුවා දක්වා ඇත.
“අනුන්ගේමිණී භූමදානයට ගිහිල්ලා ආණ්ඩුවට භූමදානය වෙන්න වෙයි” (හිරු පුවත්,6.55 විසින් උපුටන ලද භික්ෂුවකගේ ප්‍රකාශයක්).
එක රටක් - එක නීතියක් යන පඨිතය මතුපිටින් ගත් කල නිරූපණය කරනුයේ එක් රටක් තුළ විවිධ වූ ප්‍රජාවන්ට සුවිශේෂී නීතී තිබීමට ඇති නොහැකියාවයි. එය මෙරට පැවති සමාජ සන්ධර්භය මත ස්ථානගත කර විසංයෝජනය කල විට නිරූපණය වන්නේ රටේ බහුතරයට සාපේක්ෂව සුළුතර අයිතීන්ට නියෝජනයට ඇති නොහැකියාවයි.
Varzi(2006) දක්වන ලෙස Faith Filming හීදී Aviniගේ න්‍යාය වන්නේ යතාර්ථය යනු පවතින දෙයනොව පැවතීමට සම්භාවිතාවක් සහිත දෙය බවයි. තවද බෝද්‍රියාද් ප්‍රකාශ කලේ Media is the message බවයි. එනම් එක් එක් මාධ්‍ය විසින් ඔවුන්ගේආකෘතිය සහ න්‍යාය පත්‍රය අනුව තොරතුර සම්ප්‍රේෂණය කරයි. එසේ නම් එම තොරතුරේ අත්‍යවශයෙන්මපවතින්නේ අරමුණුසහගතව සංස්කරණය කරන ලද නිරූපණයකි. එම ගොඩනැංවීම සමාජයේ පුද්ගලයාටසම්ප්‍රේෂණය කල යුත්තේ කුමක් ද යන්න තීරණය කරන අතර ඒ හරහා සමාජ විඥ්ඥාණය ගොඩනගනුලබයි. ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ළ තුළ මුස්ලිම් ප්‍රජාව සිය අයිතිවාසිකම් වෙනුවෙන්නැඟූ හඬ අන්තවාදී කෝණයකින් සමාජ සන්දර්භය තුළ ස්ථානගත කිරීමට මෙරට මාධ්‍ය කටයුතුකර ඇත. ඒ හරහා මුස්ලිම් ප්‍රජාව මෙරට සමාජයෙන් ආන්තීකරණයට ලක් වූ අතර තවමත්ඔවුන්ගේ අනන්‍යතාවට ගරු කරන ආකාරයේ ප්‍රතිආඛ්‍යානයක් මෙරට බහුතර මාධ්‍ය විසින්ගොඩනගා නැත. නමුත් මාධ්‍ය අතලොස්සක් මුස්ලිම් ප්‍රජාවගේ අන්තයෙන් ආඛ්‍යාන ඉදිරිපත්කල ද එම ආඛ්‍යාන බහුතර රූපවාහිණී මාධ්‍යය සිදු කරන ලද අධික ප්‍රතිනිශ්පාදනය හමුවේශුන්‍ය වී ගොස් ඇත.
Sri LankaBarometer (2023) වාර්තාවේ, 2021 ජාතික සහ පළාත් මට්ටමින් සමාජ කණ්ඩායම්අන්තර්ක්‍රියා සහ සම්බන්ධතා සඳහා Covid-19වසංගතයේ බලපෑම් යන දර්ශකයට අදාළ සොයාගැනීම් ඉදිරිපත් කරන ආකාරයට වසංගතය සමාජ කණ්ඩායම්අන්තර්ක්‍රියා සහ සබඳතා කෙරෙහි විශාල බලපෑමක් සිදුවී නැති බවයි. නමුත් සුළුතරවාර්ගික කණ්ඩායම් අතර එය යම් ආකාරයකින් සමාජ සම්බන්ධතා සඳහා බලපා ඇති බව හැඟෙනබවත්, වාර්ගික කණ්ඩායම් අතර අයත් බව පිළිබඳඇති හැඟීමක් ඊට හේතුවන බව එම වාර්තාවේම දක්වා ඇත. එම සොයාගැනීම ඉහත ලිපියේවිශ්ලේෂණය සමඟ මනාවට සම්බන්ධ වේ. ඉහත ලිපියේ දැක්වූ ලෙස මාධ්‍ය හරහා මුස්ලිම් ප්‍රජාවසහ අනෙකුත් ප්‍රජා කණ්ඩායම්, “ඔවුන් සහ අපි“ යන විභේදනය සංජානනය වනනිරූපණයක් ගොඩනගා ඇත. එවැනි පසුබිමක සුළුතරයක් වන මුස්ලිම් ප්‍රජාව තම අනන්‍යතාවටමෙම සමාජයේ ඇති ස්ථානය ප්‍රශ්න කරන අතර, ඔවුන් විසින් සමාජයෙන් ආන්තීකරණය කරගැනීමකට ලක් වේ. අනෙක් අතට,කොවිඩ් සමය තුළ පුද්ගල විඥ්ඥාණය සකස් කරන ලද්දේමාධ්‍ය විසිනි, ඒ අනුව, වාර්තාවේ සොයාගැනීම් වලින් ඔබ්බට බලන කල පෙනී යන්නේ මෙම මාධ්‍යමයනිරූපණයන් පරිබෝජනය කරන මහා සමාජයත් මුස්ලිම් අනන්‍යතාව ප්‍රශ්න කරන තත්වයකට පත්වනු ඇති බවයි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
Ada Derana. (2020, දෙසැම්බර් 23). අද දෙරණ 6.55 ප්රධානපුවත් විකාශය - 2020.12.23. [Video]. YouTube.https://www.youtube.com/watch?v=DEBvUonE1Lw
Ada Derana. (2020, දෙසැම්බර් 29). අද දෙරණ 6.55 ප්රධානපුවත් විකාශය - 2020.12.29. [Video]. YouTube.https://www.youtube.com/watch?v=rY8P94Y6nDI
Ada Derana. (2021, ජනවාරි 3). අද දෙරණ 6.55 ප්රධානපුවත් විකාශය - 2021.01.03. [Video].YouTube. https://www.youtube.com/watch?v=N9pCMqMQvr4
Bhattarai,P. (2020). Discourse, Power and Truth: Foucauldian Perspective. InternationalJournal of English Literature and Social Sciences, 5(5), 1427-1430.Researchgate. Retrieved February 8, 2021, from https://www.researchgate.net/publication/345306024
Hiru News.(2020, December 28). හිරු 6.55 ප්රධාන ප්රවෘත්ති ප්රකාශය- Hiru TV NEWS 6:55 PM Live 2020-12-28. [Video].YouTube. https://www.youtube.com/watch?v=0EV6Apb2ZRk
Hiru News.(2021, January 3). හිරු 6.55 ප්රධාන ප්රවෘත්ති ප්රකාශය - Hiru TVNEWS 6:55 PM Live 2021-01-03. [Video].YouTube. https://www.youtube.com/watch?v=Lg6vsqN0O3k
Silva, K.T. (2021). Stigma and Moral Panic about COVID-19 in Sri Lanka. Journal ofHumanities and Social Sciences(JHS), 3(2), 42-71.http://pgihs.ac.lk/reserch/past%20issues%20jhs.php
Sri LankaBarometer. (2023). National Public Perception Survey on Reconciliation 2021.Sri Lanka Barometer. Retrieved September 30, 2024, fromhttps://www.srilankabarometer.lk/publications
Thowfeek,M. (2019). Negotiating the Sri Lankan Muslim Identity through Choice ofClothing: Emerging Trends and Tensions. Sri Lanka Journal of Sociology,151-168.
Varzi, R.(2006). Warring Souls. Durham & London : Duke University Press.
WHO.(2020, September 4). Infection prevention and control for the safemanagement of a dead body in the context of COVID-19: interim guidance.Retrieved August 6, 2021,https://www.who.int/publications/i/item/infection-prevention-and-control-for-the-safe-management-of-a-dead-body-in-the-context-of-covid-19-interim-guidance
Malmi Kuruppu is a Sociology graduate from the University of Colombo, currently pursuing her Master's degree in the same field. Her research interests encompass social cohesion and peace, the sociology of media, the sociology of religion, and the sociology of disaster management and climate change. Alongside her studies, she works as a Junior Advisor at GIZ for SCOPE - Dialogue Platforms, following her passion for advocating social change and development in Sri Lanka.